100 views 0 secs 0 comments

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කෙරේ…

In Local News
September 23, 2024

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර ඇත.

2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මනාප ඡන්ද 13, 384ක් හිමිකරගෙන තිබුණි.