218 views 0 secs 0 comments

ලිට්‍රො ගෑස් මිල ඉහලට…

In Local News
January 01, 2024

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා..

සංශොධිත මිල ගණන පහතින්.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.

මෙම මිල ගණන් සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ.