Connect with us

Local News

නව අධ්‍යාපන ලේකම්වරිය වැඩ භාර ගනී…

Published

on

නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (01) එම ධුරයේ වැඩ ආරම්භ කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

මීට පෙර වසන්තා පෙරේරා මහත්මිය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධුර හොබවා ඇති අතර ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ජාතික සම්මාන හා ගෞරව නාම අවභාවිතය නැවැත්වීමට කඩිනම් පියවර..

Published

on

By

නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. මේ හේතුවෙන් සැබෑ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන්ට සිදුවන බරපතළ අසාධාරණය සහ අගෞරවය වැළැක්වීම සඳහා මෙම අවභාවිතය කඩිනමින් නැවැත්විය යුතු බව ද සමන් ඒකානායක මහතා අවධාරණය කළේය.

Continue Reading

Local News

රිචඩ් වෙර්මා හා ජනපති අතර හමුවක්…

Published

on

By

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වෙර්මා (Richard Verma) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Continue Reading

Local News

ගංගාරාම විහාරස්ථාන 45 වන නවම් මහා පෙරහර වීථි සංචාරයේ…

Published

on

By

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

Continue Reading

ප්‍රවණතාවන්