130 views 0 secs 0 comments

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහලට…..

In Local News
January 01, 2024

එළඹෙන පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ.

පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇතැයි පැවසු ඒ මහතා, මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ද පැවසීය.