 
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා , මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර සිටියා.
හිටපු ජනාධිපතිවරයා නැවත තනතුරකට පත්කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ ආශිර්වාදයෙන් සිදුකරන බවත්, හොර රහසේ සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
  
           
           
          