මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙය ක්‍රියාත්මක කර ඇත්තේ මහනුවර අධිකරණ සංකීර්ණයට ආසන්නව පිහිටි දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට සිදු වීමෙන් පසුය.
දුම්රිය මාර්ගයේ ගිලා බැසීමට ලක්වූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක්ද මෙහි දීපිළිවෙලට යෙදවී ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කරති.
මෙම තත්ත්වය යටතේ මාර්ගය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුවමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පෙන්වා දෙයි.
