Connect with us

Local News

විදුලි ගාස්තු 15%කින් ඉහලට…

Published

on

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සම්පූර්ණයෙන්ම 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. මෙම සංශෝධනය අද (10) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන බව කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍යංශ මධ්‍යස්ථානයේදී පැවසීය.

කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, කුඩා පරිභෝජකයන් වන ඒකක 90ට අඩු ආගමික ස්ථානවලට මෙම සංශෝධනයෙන් කිසිදු බලපෑමක් නොවනු ඇති බවය. එසේම ඒකක 30ට අඩු ගෘහස්ථ පරිභෝජකයන්ට 8%ක ඉහළ දැමීමක් සිදු වී ඇති අතර, මෙය මාසික රු.75 සිට රු.80 දක්වා වැඩිවීමක් ලෙස දිස්වයි.

ඒකක 30-60 අතර පරිභෝජකයන්ට ඒකක මිල රු.2කින් වැඩි වී ඇති අතර, ඒකකයක නව මිල රු.8ක් වන අතර, එම කාණ්ඩයේ බිල්පත රු.210ක් දක්වා ඉහළ යනු ඇත. ඒකක 61-90 අතර බිල්පත් රු.240ක් දක්වා, ඒකක 91-120 අතර රු.360ක් දක්වා, ඒකක 121-150 අතර රු.600ක් දක්වා සහ 151-180 අතර රු.840ක් දක්වා ඉහළ යනු ඇත. ඒකක 180ට වැඩි පරිභෝජකයන් සඳහා එම වැඩිවීම රු.2020 දක්වා සීමා වේ.

ආගමික ස්ථානවලින් ඒකක 180 ඉක්මවන අවස්ථාවල ස්ථාවර ගාස්තු වෙනස් නොවන අතර ඒකක ගාස්තුව පමණක් වැඩි වේ.

කර්මාන්ත අංශය සඳහා ඒකක 300 ඉක්මවීමේදී ඒකක ගාස්තුව රු.4කින් සහ මාසික ගාස්තුව රු.50කින් ඉහළ යනු ඇත. විශාල කර්මාන්ත, හෝටල් හා පොදු කාර්ය මණ්ඩල සඳහා පැවති ස්ථාවර ගාස්තුව රු.5000 ලෙස පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව රු.100කින් වැඩිවේ.

මෙම සංශෝධනයෙන් ඒකක ගාස්තු ශත 50ක් සිට රු.9ක් දක්වා පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම් රු.50 සහ රු.100 අතර සිදුවී තිබේ.

කොමිසම සඳහන් කරන්නේ, මුල් වශයෙන් බිලියන 276ක ආදායම් ඉලක්කයක් යෝජනා කර තිබූවත්, එය බිලියන 268ක් ලෙස සීමා කර ඇති බවත්, එම ඉලක්කය සපුරාලීම සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන ලදී කියාය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්