172 views 0 secs 0 comments

නව කෝප් කමිටු සභාපතිවරයා පත්කෙරේ…

In Local News
February 24, 2023

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව එහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද(23) පත් කෙරිණ.

එහිදී රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කල අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එය ස්ථීර කළේ ය.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටුවේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්න මහතාගේ නම නලින් බණ්ඩාර මහතා යෝජනා කල අතර රවුෆ් හකීම් මහතා ස්ථීර කලා.

පසුව කමිටු සමාජිකයින් අතර ඡන්ද විමසීමක් පැවති අතර, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නව කෝප් කමිටු සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.