126 views 0 secs 0 comments

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි….

In Local News
July 20, 2023

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.