190 views 0 secs 0 comments

කාළගුණ වාර්තාව…

In Local News
November 16, 2021

අද(16) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ ලෙස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පෙන්වා දෙනවා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.