70 views 0 secs 0 comments

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

In Local News
April 24, 2025

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22 වනදා රාත්‍රී වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක සිටියදී ඩෑන් ප්‍රියසාද් මහතා, වෙඩි තැබීමකට ලක්විය.

මෙම පහරදීම රාත්‍රී 9.10ට පමණ සිදුවූ අතර, යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවි භාවිතයෙන් වෙඩි තැබූ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් පොලීසිය සඳහන් කරයි.