සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන අති දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් හෙට (අප්‍රේල් 25) උදෑසන අහසේ දැකබලා ගැනීමේ අනර්ඝ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ජනතාවට හිමිව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා පැවසුවේ, මෙම දර්ශනය නැගෙනහිර අහසේ, අලුයම් කාලයේදී පියවි ඇසින් දැකිය හැකි බවය.
මෙය අති විශේෂ තත්ත්වයකි බවත්, අහස පැහැදිලි වුවහොත් ශ්‍රී ලාංකිකයින්ට එය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.
