109 views 13 secs 0 comments

Forbes සඟරාවට ගිය ශ්‍රී ලාංකිකයින්..

In Entertainment
May 15, 2025

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ නම් ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ ‘Wild Cookbook’ යූටියුබ් නාලිකාවෙන් ලෝක ව්‍යාප්ත ජනප්‍රියත්වයක් හිමි කරගත් සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා, තෑගි වෙන් කිරීම සඳහා වූ පළමු ලාංකික ඩිජිටල් වේදිකාව වූ Silver Aisle හි නිර්මාතෘ, යානිකා අමරසේකර සහ Synapse AI Labs ආයතනයේ නිර්මාතෘ දත්ත විද්‍යාඥ නිකින් මාතරආරච්චි යන පුද්ගලයින්ය.

චරිත් සිල්වා පසුගිය මාර්තු 28 වනදා Wild Cookbook නාලිකාව හරහා මිලියන 10 ක ග්‍රාහකයන් පසුකරමින් ශ්‍රී ලංකාවේ පළමු Diamond Play Button හිමිකරු බවට පත්විය. ඔහු විසින් නාලිකාව 2020 වසරේ ආරම්භ කර ඇති අතර, මේ දක්වා වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති අතර, නැරඹුම් ගණන බිලියන 4 ඉක්මවා ගොස් ඇත. ඔහුගේ සුවිශේෂී ඉවුම් පිහුම් ක්‍රම හා ඉදිරිපත් කිරීමේ විලාසිතාව ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

යානිකා අමරසේකර මෙම ලැයිස්තුවට Retail & Ecommerce කාණ්ඩයෙන් ඇතුළත් වී ඇති අතර, ඇය ආරම්භ කළ Silver Aisle යනු ශ්‍රී ලංකාවේ විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීම සඳහා වූ පළමු ඩිජිටල් වේදිකාවයි. එය 2019 දී ආරම්භ වී ඇති අතර, අද වනවිට විවාහ, නිවාඩු, භෝජන, අශ්වයාන, මැටි භාණ්ඩ ඇතුළු විවිධ අවස්ථාවන්ට සේවාවන් සපයන විශාල ව්‍යාපෘතියක් වී ඇත. ඇය ලන්ඩනයේ Imperial College, UC Berkeley සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි කිහිපයක් හිමිකරගෙන ඇත.

දත්ත විද්‍යාඥ නිකින් මාතරආරච්චි සමාජ මාධ්‍ය, අලෙවිකරණ සහ සන්නාම ප්‍රවර්ධන කාණ්ඩය යටතේ මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත. ඔහු විසින් පිහිටවූ Synapse AI Labs ආයතනය AI හා අලෙවිකරණ තාක්ෂණය යටතේ නවෝත්පාදන කරමින් ශ්‍රී ලංකාවට ලෝක වේදිකාවේ ගෞරවයක් ලබාදී ඇත. නිකින් මේ වනවිට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කෘතිම බුද්ධිය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටී.