
ලෝකප්‍රකට කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් විසින් “Swag” නමින් නව ඇල්බමයක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම ඇල්බමය හදිසි ලෙස නිකුත් කිරීමෙන් බීබර්ගේ රසිකයන් අතර විශාල කතා බහක් ඇති වී ඇත.
“Dadz Love”, “Devotion”, “Therapy Session” ඇතුළු ගීත 20ක් අඩංගු මෙම ඇල්බමයේ බොහෝ ගීත බීබර්ගේ ක්‍රිස්තියානි විශ්වාසය පාදක කරගෙන ආගමික තේමාවන් ආශ්‍රය කර ඇත.
එහි ප්‍රවර්ධන කටයුත්තකට එක් වූයේ ඇමරිකානු රැප් ගායක බිග් ෂෝන් වන අතර, පියවරුන්ගේ දිනයේදී රූගත කරන ලද ජස්ටින් බීබර්ගේ වීඩියෝවක්ද ඇල්බමය ප්‍රචාරය කිරීම සඳහා භාවිත කර ඇත.