48 views 0 secs 0 comments

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල වර්ජනයක

In Local News
July 15, 2025

තැපැල් සේවකයින් වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය.

ඔහු සදහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ පවතින පීඩනකාරී තත්ත්වය සහ පාලන කාර්යාලවල සේවක හිඟය හේතුවෙන් මෙවැනි තීරණයකට පැමිණි බවත්ය. අද දිනය තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිතය.