129 views 0 secs 0 comments

උද්ධමනය පහළට..

In Local News
July 31, 2023

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය.

එමෙන්ම පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ පැවති 16.2%ක අගය මේ මාසයේ 10.5% දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.