692 views 0 secs 0 comments

ඉදිරි සති කීපය තුළ දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාමක්…

In Local News
January 19, 2021

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට අද වනවිට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ හඳුනාගත නොහැකි මට්ට‍මේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ද දක්නට ලැබෙන බවය.
මෙලෙස රට පුරා කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමට ප්‍රධානතම හේතුව පසුගිය උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ හේතුව නිසා මේ වන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයමින් පවතින අතර ඉදිරි සති කිහිපය තුළ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ පවතින බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.