698 views 0 secs 0 comments

මූලික අයිතිවාසිකම් කඩවූ මන්නාරම් ජනතාව…

In Local News
January 19, 2021

මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් මානව හිමිකම් කොමිසමට 18 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.