සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට දැන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. අද (13) පුරාණ අවුරුද්දට අයත් කෝනම් දිනය ලෙස සැලකේ.
සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවෙන්නේ හෙට (14) අලුයම 03.21 ටයි.
ජෝතිෂ්‍යය අනුව:
- අද රාත්‍රී 08.57 ට පුණ්‍ය කාලය ඇරඹේ. ඒ අනුව එයට පෙර සියලු දේ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසුය.
- අද (13) පරණ අවුරුද්ද වෙනුවෙන් දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම නිවැරදිය.
- ආහාර පිසීමේ නැකත – හෙට උදෑසන 04.04 ට.
- තඹ වර්ණ ඇඳගෙන දකුණු දිශාවට මුහුණලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත්, කැවිලි, කිරි සහ විලඳ පිසීම සුදුසුය.
- වැඩ ඇල්ලීම, ගණුදෙනු, ආහාර අනුභවය – හෙට (14) උදෑසන 06.44 ට.
- මුතු සහ ශ්වේත වර්ණ ඇඳගෙන, දකුණු දිශාවට මුහුණලා එම කටයුතු සිදු කළ යුතුය.
- හිසතෙල් ගෑමේ නැකත – අප්‍රේල් 16 බදාදා උදෑසන 09.04 ට.
- රැකීරක්ෂා පිණිස පිටත් වීමේ නැකත – අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා උදෑසන 09.03 ට යෙදේ.
මේ අතර අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගමන් කරන ජනතාව වෙනුවෙන් අද දිනයේදීත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
