Connect with us

Local News

කුඩා ජල විදුලි බලාගාර තාවකාලිකව අත්හිටුවීම ගැන සංගමයෙන් දැඩි විරෝධතා….

Published

on

අවුරුදු සමය නිමිත්තෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් රටේ කුඩා ජල විදුලි බලාගාර රැසක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් කුඩා ජල විදුලි බලාගාර ප්‍රවර්ධකයින්ගේ සංගමය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

විදුලි බල මණ්ඩලය මේ පියවර ගත්තේ ජාලයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව පැවසුවද, එය ජාතික බලශක්ති සුරක්ෂිතතාවයට සෘජු තර්ජනයක් බවත් බලශක්ති අංශයට එල්ලවූ බරපතළ පහරක් බවත් සංගමය චෝදනා කරයි.

සංගමය පෙන්වා දෙන්නේ, සූර්ය හා සුළං වැනි කඩින් කඩ ලැබෙන ප්‍රභවයන්ට වඩා කුඩා ජල විදුලිය විශ්වාසදායක හා අඛණ්ඩ බලශක්ති මූලාශ්‍රයක් බවයි.

මෙම තීරණය හේතුවෙන් පැය 08කදී මෙගාවොට් 450ක විදුලි ධාරිතාවක් ක්‍රියාත්මක වීම නවතා දැමෙන අතර, ජාතික පද්ධතියට ඒකක මිලියන 1.8ක විදුලි සැපයුමක් අහිමි වන බවද සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ලංකා විදුලි බල මණ්ඩලය පැවසූවේ අවුරුදු සමයේදී කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථානවලින් විදුලි පරිභෝජනය අඩුවන බැවින් විදුලි ඉල්ලුම අවම වීම නිසා පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

Local News

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

Published

on

By

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

මෙම ආයතන සියල්ලම මහා භාණ්ඩාගාරය සතු සමාගම් වන අතර සේවකයින්ගේ රැකියා නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

එසේම, යම් සේවකයෙකුට නව ආයතනවලට අනුයුක්ත වීමට අකමැති නම්, ඔවුන්ට කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ සංශෝධන සිදු නොකළේ නම්, පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අගෝස්තු 17 පසු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12,000ක් රැකියාවෙන් ඉවත් කිරීමට තිබූ තීරණ ක්‍රියාත්මක වීමට තිබූ බවයි.

ඒ අනුව, ආයතන 12කට විදුලිබල මණ්ඩලය බෙදීමේ මූලික යෝජනාද අත්හිටුවී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“අපි ජනතාවගේ ආණ්ඩුවක් විදියට හැම සේවකයෙකු ගැනත් වග කියනවා. රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි බඳුන ගන්නවා” යයි අමාත්‍ය ජයකොඩි මහතා අවසන් කළේය.

Continue Reading

Local News

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

Published

on

By

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි.

මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයක දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසු බව නිරීක්ෂණය විය.

එහි පළමු අදියර යටතේ සිසු-සෙසූවියන් 28 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමත් සමඟ වැඩසටහන ක්‍රියාත්මක විය.

Continue Reading

ප්‍රවණතාවන්