80 views 0 secs 0 comments

අමෙරිකාව, චීන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ කිහිපයකට නව තීරු බදු වලින් නිදහසක්…

In World News
April 13, 2025

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක තීරු බදු වලින් ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුළු ඉලෙක්ට්‍රොනික කොටස් කිහිපයක් නිදහස් කර තිබේ.

මෙය තීරණය කර ඇත්තේ, එම තීරු බදු හේතුවෙන් අමෙරිකාවේ තාක්ෂණ සමාගම් දැක්වූ කනස්සල්ල හේතුවෙනි. ඔවුන් අනතුරු ඇඟවූයේ මෙම භාණ්ඩ සඳහා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

ඒ අනුව, චීනයෙන් ආනයනය වන ඉලෙක්ට්‍රොනික උපාංග විශාල ප්‍රමාණයකින් යුක්ත නිෂ්පාදනවලට බලපෑම් අවම කිරීම සඳහා මෙම සහනය ලබාදී තිබේ.