216 views 0 secs 0 comments

ඉන්දියාවේ පාලම් අනතුර…

In World News
October 30, 2022

ඉන්දියාවේ පාලමක් ගඟකට කඩා වැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දියාවේ ගුජරාට්හි ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක මෙම අනතුර සිදුව ඇති අතර පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වෙයි.

ඔවුන් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

මෙම පාලම යළි සකස් කර දවස් පහකට පෙර විවෘත කර ඇති අතර අධික බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පාලම කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.