
අද (31) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10/- කින් අඩු වේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ රටේ පවතින තත්ත්වය සහ තිරිඟු පිටි මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.