182 views 0 secs 0 comments

හැලෝවීන් සාදය අතරතුරු සිදු වූ අනතුර…

In World News
October 30, 2022

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 149 පමණ මියගොස් ඇතිමතර තවත් පුද්ගලයින් 76 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා..

දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කරතිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ.

අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බව එරට ගිනිනිවන හමුදාව පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව මුඛ ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පැවති පළමු එළිමහන් උත්සවය මෙය ලෙස ද වාර්තා වේ.

මෙම අනතුරින් මියගිය පුද්ගලයින් අතර විදේශිකයින් දෙදෙනෙකු ද සිටින අතර තවත් විදේශිකයින් 15 දෙනෙකු තුවාල ලැබූ පුද්ගලයින් අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.