
වෙළෙඳපොළේ පරිප්පු, සුදු සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රු.375ක් පැවැති පරිප්පු 1Kg එකක තොග මිල රු.25කින් අඩු කර ඇති අතර නව මිල රු.350ක් වනවා.
රු. 290ක්ව පැවැති සුදු සිනී 1Kg එකක තොග මිල රු.65කින් අඩු කර ඇති අතර නව මිල රු.225ක් වනවා.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල ද රු. 250ක් වේ.