207 views 0 secs 0 comments

අද සිට යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් විභාගයට

In Local News
November 29, 2021

අද (29) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අදාළ විරෝධතා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන පාර්ශව විසින්ය.