208 views 0 secs 0 comments

රාජ්‍ය සේවකයින්ගේ විරෝධය

In Local News
November 29, 2021

දිවයින පුරා අද (29) කෑම පැයේදී රාජ්‍ය සේවකයින් විරෝධතාවක නිරත වනවා . මෙම විරෝධයට හේතුව වන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවිය යුතු බවට රජයට බල කරමින් ය.මෙම අරගලය පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වන බව රාජ්‍ය සේවා වැටුප් වැඩිකරගැනීමේ වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු වන සමන් රත්නප්‍රිය පවසනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් සතියකට පසු අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.