
ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස් වන තනතුර සඳහා දැනට පත්වීමට නියමිතය.
2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළ 45 හැවිරිදි ජැක් ඩොර්සි, එම වසරේදීම නිර්මාණය කළ ට්විටර් සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේද ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළේය.