views 8 secs 0 comments

Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකම ඉක්මවයි….

In Tech, World News
January 13, 2026

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේ මේ දක්වා Alphabet සමාගමේ කොටස් මිල සියයට 6කින් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.

මේ අතර කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් Alphabet සමාගම දක්වන දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ග පිළිබඳ පැවති සැක සම්පන්නභාවය පහව යාමට හේතු වී ඇති අතර, එය කොටස් මිල ඉහළ යෑමට ද බලපා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය බදාදා දිනයේදී Alphabet සමාගම, 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසුකරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව තිබේ.

මෙම වර්ධනය Alphabet සමාගම පිළිබඳ ආයෝජක විශ්වාසය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවට පැහැදිලි සාක්ෂියක් බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.

තවද 2025 වසර තුළ Alphabet සමාගමේ කොටස් මිල සියයට 65කින් ඉහළ ගොස් ඇති අතර, Wall Street හි ප්‍රමුඛ තාක්ෂණික කොටස් කණ්ඩායම ලෙස හැඳින්වෙන “Magnificent Seven” කණ්ඩායමේ අනෙකුත් සමාගම්වලට වඩාද එය ඉහළ කාර්යසාධනයක් වාර්තා කර ඇති බව සඳහන් වේ.