views 2 secs 0 comments

Cloudflare දෝෂයක් හේතුවෙන් ලොව පුරා වෙබ් සේවා කිහිපයක් අක්‍රීය වෙයි

In Tech, World News
November 18, 2025

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සපයන Cloudflare සමාගමට එරෙහිව ඇති ගැටලු හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි දහස් ගණනක් අද (18) පස්වරුවේ අක්‍රීය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Cloudflare නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, සිය ජාලයට අසාමාන්‍ය ලෙස වැඩි ගමනාගමන ප්‍රවාහයක් ලැබීම නිසා දෝෂයක් ඇතිවූ බවත් එය තවමත් හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත්ය.

මෙම බිඳවැටීම හේතුවෙන් X සහ ChatGPT ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා රැසක් කාලීනව අක්‍රීය තත්ත්වයට පත්වූ බව සදහන් වේ.

සමාගම සඳහන් කරන්නේ දෝෂය යථා තත්ත්වයට පත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා අතර මේ වනවිට කිසියම් සේවා කිහිපයක් නැවත සාමාන්‍ය කටයුතු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.