ජනපති පුටින් අනාවරණය කළේ, රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) ක්‍රස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බවයි.
මෙම අත්හදා බැලීම පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයකදී සිදු කර ඇති අතර, මිසයිලය පැය 15ක් ගුවන්ගතව කිලෝමීටර් 14,000ක් දුර ගමන් කළ බව වාර්තා වේ.
බුරෙවෙස්ට්නික්, හෙවත් “කුණාටු ලිහිණියා” ලෙස හැඳින්වෙන මෙම මිසයිලය, වර්තමාන සහ අනාගත ආරක්ෂණ පද්ධතිවලට අදිසි (INVICIBLE) බව ජනපති පුටින් සඳහන් කළේය. එය අසීමිත දුරකින් පිහිටි ඉලක්කයකට සිතාගත නොහැකි ගමන් පථයකින් ළඟාවිය හැකි බවද ඔහු අවධාරණය කළේය.
ජනපති පුටින් මෙවැනි නවීකරණය කළ මිසයිල ව්‍යාපෘතිය මුල්වර 2018 වසරේ දියත් කර ඇති අතර, රුසියාවේ යුධ ශක්තිය නවීකරණය කර පවත්වා ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී පෙන්නුම් කළේය.
කෙසේ නමුත්, යුක්‍රේනයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් සාමය වෙනුවට මෙවැනි යුධ ශක්ති ප්‍රදර්ශනය යෝග්‍ය ද යන්න පිළිබඳ ආරක්ෂක විශ්ලේෂකයන් අතර කතාබහක් ඇතිවී තිබේ.
