
ටොයෝටා සමාගම සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට පියවර ගෙන තිබේ.
ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත්, එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමට හා ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය.
මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතර ටොයෝටා සමාගම උත්සාහ දරන්නේ එම තරගයට එක්වීමට බව විචාරකයෝ පවසති.
ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.