152 views 0 secs 0 comments

පාකිස්ථානයට දරුණු සුළි කුණාටු තත්වයක්…

In World News
June 12, 2023

පාකිස්තානයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ලවී ඇති බව එරට කාලගුණවිද්‍යා බලධාරීන් පවසා තිබේ.

ඹිපර්ජොය් නම් මෙම සුළි කුණාටුව හෙට සින්ද් වෙරළබඩ ප්‍රදේශවලට බලපානු ඇති බව කාලගුණවිද්‍යා බලධාරීන් ප්‍රකාශ කර සිටි අතර, ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් තීව්‍ර විය හැකි බවත් එය හෙට සින්ද් හි දකුණු සහ ගිනිකොනදිග ප්‍රදේශවලට බලපානු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසා ඇත්තේ, සුළි කුණාටුව හේතුවෙන් සින්ද් පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං, ධාරානිපාත වැසි සහ ගංවතුර බලපෑම් එල්ලවිය හැකි බවය.

පාකිස්තානයට මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ එරට 03න් එකක් ජලගැලීම්වලට ලක්වීමෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට පවා රජයට නොහැකි තත්ත්වයක සිටියදීය.

එමෙන්ම පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික, මූල්‍ය හා දේශපාලන අර්බුදයකට ඇද වැටී සිටින අතර එරට ජනතාව එදිනෙදා ජනජීවිතය පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටී.