91 views 5 secs 0 comments

පැරණි iPhone මාදිලි සඳහා WhatsApp ක්‍රියා නවතයි…

In Tech, World News
April 30, 2025

එළැඹෙන මැයි මාසයේ සිට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම Apple සමාගමේ පැරණි ජංගම දුරකථන කිහිපයක් සඳහා තවදුරටත් ක්‍රියා නොකරන බව වාර්තා වේ.

මෙම පියවර යටතේ iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ආදිය සඳහා WhatsApp භාවිතය අවසන් වන අතර, මෙම උපාංග iOS 15.1 හෝ ඊට අධික යාවත්කාලීන පද්ධතියක් ලබාදිය නොහැකි බැවින් එම තීරණය ගෙන ඇත.

එමනිසා මෙම පද්ධතියට යාවත්කාලීන කළ නොහැකි iPhone භාවිතාකරුවන්ට WhatsApp භාවිතය අත්හිටුවීමට සිදුවනු ඇත.