364 views 0 secs 0 comments

මෙරට කෘෂිකාර්මික දියුණුව සඳහා ඩ්‍රෝන තාක්ෂණය…

In Local News, Tech
June 05, 2023

නවීන ඩ්‍රෝන තාක්ෂණය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යොදා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.
වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් දියත් කරන ලද ඩ්‍රෝන නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහනක උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටි අතර, කාලය ඉතිරි කර ගැනීමට, කෘෂිකාර්මික අංශයේ නාස්තිය අවම කිරීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට ඩ්‍රෝන මෙහෙයුම්වල නවීන තාක්ෂණය භාවිතා කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා, දැනට වෙනත් රටවල් ඔවුන්ගේ දියුණුව සඳහා මෙම තාකෂණය යොදාගගන්න බවත්, අවාසනාවකට මෙරට මෙම තාක්ෂණයට හුරු වෙන්නේ වර්තමානයේ බවත් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම ඩ්‍රෝන පුහුණුව පිළිබඳ මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වා නැති අතර මෙම පුහුණුවෙන් පසු අක්කර ගණනක කුඹුරු වගාව සඳහා පළිබෝධනාශක ඉසීම වැනි කටයුතු සඳහා මෙම තාක්ෂණය යොදා ගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.