65 views 0 secs 0 comments

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්…

In Local News
March 01, 2025

පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධව විමසිලිමත්වන ලෙස අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවයි එම සංවිධානය අදාළ නිවේදනයේ සඳහන් කර සිටියේ.