රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවි සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය කිරිමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම එහිදී පාසල් පරිසර නියමුවන් අට දෙනෙකු වෙත සංකේතාත්මකව පදක්කම් පැළඳවීම සහ හොඳම හරිත දුම්රිය ස්ථාන දහයකට සහතික පත්‍ර පිරිනැමීමද ජනපතිවරයා අතින්සිදි කරන ලදී.. මීට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ණගලවත්ත පරිසර කලාපය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.







