158 views 0 secs 0 comments

“උරුමය” යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම ඇරඹේ….

In Local News
May 04, 2024

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් සඳහන් කර සිටියා.