686 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 4ක්…

In Health, Local News
January 01, 2021

අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එලෙස මියගොස් ඇත්තේ අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දර්ගා නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ