671 views 2 secs 0 comments

ගම්පහින් කොවිඩ් අසාදිතයින් වැඩි වේ..

In Health, Local News
January 03, 2021

ඊයේ (02) ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 144ක් වාර්තා වීමත් සමඟ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්වී තිබේ.

ඊයේ දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 515 දෙනෙකු හඳුනාගෙන තිබුණ අතර එම ආසාදිතයින්ගෙන් 419 දෙනෙකු මීටපෙර හඳුනාගත් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බන්ධනාගාර කොවිඩ් පොකුරෙන්ද ඊයේ දිනයේ ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගෙන තිබුණි. විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ද ඊයේ දින හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිතයින් අතරට අයත්ය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 44,371 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.