
අද (03) දින අළුයම 3ට පමණ කනංකේ ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් ඉහළකී ඔය, ගාල්ල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්ථා වේ.
කනංකේ සිට වැලිගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරට ලක් වූ යතුරුපැදිකරු හා එහි ගමන් ගත් අනික් පුද්ගලයා ඉමදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.