204 views 0 secs 0 comments

හිටපු අගමැති මානව හිමිකම් කොමිසමට….

In Local News
May 29, 2022

පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත කැඳවීමට තීරණය කර තිබේ.
ඊට අමතරව හිටපු අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන,ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කැබිනට් අමාත්‍ය ‍රමේෂ් පතිරණ මහතා ද ලබන බදාදා දිනයේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.