180 views 0 secs 0 comments

මෙරට පළමු ඔමික්‍රෝන් ආසාදිතයා සොයා ගැනේ….

In Health, Local News
December 03, 2021

‍මෙරටින් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වේ.

ඔහු මේ වන විට නිරෝධායනයට යොමුකර සිටින අතර පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.