181 views 0 secs 0 comments

විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද…?

In Local News
December 03, 2021

අද උඩෑසන මුළු දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදු විය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවය.

කෙසේ වුවද මේ වන විට විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි. එමෙන්ම විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම විදුලි ඉංජිනේරුවන් උවමනාවෙන්ම පමා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

හිතාමතා විදුලිය විසන්ධි කර ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද පවසයි.