175 views 0 secs 0 comments

ජනපති හා හිටපු අගමැති අබුඩාබි වෙත…

In Local News
December 03, 2021

මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර එයට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇති.

ඉන්දියානු සාගර සමුළුවේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර සමුළුව සදහා සහභාගී වීමට නියමිතය.