179 views 0 secs 0 comments

ඉන්ධන තොග ගොඩබෑම අරඹයි…

In Local News
November 13, 2022

දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තෙල් මෙට්‍රික් ටොන් 99,978ක තොග ගොඩබෑම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම අමතරව දිවයිනට සේන්දු වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම ද ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසයි.

එලෙස ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පැමිණියේ අප්‍රේල් මාසයෙන් පසුව වන අතර ඉන් ගොඩබෑමට නියමිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19,505 කි.