අද (05) පස්වරු 1.30ට වවුනියාව මැදවච්චිය අතර ප්‍රදේශයේ දී කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවන වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලී පැනීමකට ලක්ව ඇත.
දුම්රියේ එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පීලී පැනීම හේතුවෙන් සිල්පර කොට විශාල ප්‍රමාණයක් හානි සිදු වී ඇති බවටද වාර්තා වෙයි.
