21 views 0 secs 0 comments

කාළගුණ වාර්තාව….

In Local News
September 02, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ස්වල්ප වැසි ඇති විය හැකි බවයි.

ඌව පළාතේ ද, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද පස්වරු 2න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලද, උතුරු-මැද සහ වයඹ පළාත්වලද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට පැ.කි.මී. 30 සිට 40 දක්වා වේගයෙන් තද සුළං හමනු ඇත.

සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින කාලය ලෙස අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා කාලය නියම වී තිබේ.

ඒ අනුව අද දහවල් 12.10ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලගංවිල, චෙන්කලඩි සහ එරාවුර් ප්‍රදේශවලට සූර්ය කෙලවරය පිහිටා ඇත.