349 views 0 secs 0 comments

ජනපති රනිල් ලංකාවට පැමිණෙයි

In Local News, Politics
September 21, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා පැවති බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
එහීදී ඔහු බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමුවිය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයින් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සමඟින් පැමිණි ජනාධිපතිවරයා අද යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.