ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු යාත්‍රා 02ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධීව ඉන්දීය මුහුදු කලාපයට ඇතුළුවීමේ චෝදනා යටතේයි.
ඔවුන් එම අවස්ථාවේ ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් වෙරළට නාවික සැතපුම් 175 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිට තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
